නීති විරෝධි සංක්‍රමණ භාවිත කර විදේශ රැකියා සඳහා යොමු නොවන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවට අවධාරණය කරනවා.
රැකියා සඳහා නියම පිළිවෙලට මිස සංචාරක වීසා මත විදේශ ගත නොවන ලෙසයි ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.
තායිලන්තය වැනි රටවල ඉහළ වැටුප් සහිත තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසා මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට යොමු කිරීම්වල වැඩිවීමක් දක්නට ලැබෙන බවට ආරක්ෂක අමාත්‍යාංශය අනතුරු අඟවනවා.
මෙලෙස තරුණ ශ්‍රමිකයන් සම්මුඛ පරීක්ෂණවලට සහභාගී කරන මුවාවෙන් ඩුබායි වැනි රටවලට රැගෙන ගොස් දේශසීමා හරහා මියන්මාරයේ සයිබර් අපරාධ සිදුකරන කඳවුරුවල සේවය සදහා බලහත්කාරයෙන් යොදවයි.
මෙම කඳවුරුවලදී ඔවුන්ට ම්ලේච්ඡ ශාරීරක හා මානසික වදහිංසාවලට විදුලි සැර ඇල්ලීමට පවා මුහුණදීමට සිදුව ඇති බව විමර්ෂණවලින් හෙළවී තිබෙනවා.
එබැවින් බලයලත් ආයතන හරහා ආරක්ෂිත නීත්‍යානුකුල සංක්‍රමණ ක්‍රම අනුගමනය කළ යුතු බවයි අවධාරණය කරන්නේ.
සැකකටයුතු විදේශ රැකියා ආයතන පිළිබද දැනුම්දෙන ලෙසත් සූරා කෑමේ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්ෂා කරන ලෙසත් අමාත්‍යාංශ්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
තොරතුරු ලබාදෙන අයගේ රහස්‍ය භාවය රකින බවයි ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.