ජාතික ආරක්ෂක කවුන්සිලය අද (19) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වී තිබෙනවා.
2024 ජනාධිපතිවරණයේ ආරක්ෂාව තහවුරු කිරීම, මැතිවරණ කොමිසමට සහය දැක්වීම, අපේක්ෂකයින් සහ ඡන්ද මධ්‍යස්ථාන සුරක්ෂිත කිරීම සහ මැතිවරණයෙන් පසු නීතිය හා සාමය දෛනික ජීවිතයට බාධාවක් නොවන පරිදි පවත්වාගෙන යාම පිළිබඳව ඔවුන් සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ