වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් වරුණගම ග්රාම නිලධාරී වසමේපිහිටා ඇති වදිනහෙලයාය කදු රක්ෂිතයේ ඊයේ (18) පස්වරුවේ දී විශාල ගින්නක් හටගෙන තිබෙනවා.
එම ගින්න පැය කිහිපයක් තුල රක්ෂිතය පුරා වේගයෙන් පැතිර ගොස් ඇති අතරඑම නිසා රක්ෂිතයේ අක්කර පනහකට වඩා ගිනිගෙන විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.
මොණරාගල දිස්ත්රික් ආපදා කලමානාකරණ ඒකකයේ දැනුම් දීමක් අනුව යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් ද ගින්න මැඩපැවැත්වීම සඳහා කැඳවූ අතර පසුව ඊයේ රාත්රි වන විට ගින්න සම්පූර්ණයෙන් ම පාලනය කිරීමට හැකි වූ බවයි ආපදා කලමානාකරණ ඒකකයේ නිලධාරීන් සඳහන් කළේ.
කිසියම් පුද්ගලයෙක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලිසිය පවසන අතර වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.