ජනාධිපතිවරණයේ නීරීක්ෂණ කටයුතු සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනයෙන් මෙරටට පැමිණ සිටින විදෙස් මැතිවරණ කොමිෂන් සභා නියෝජිතයන් කිහිප දෙනෙකු මාධ්‍ය හමුවක් පැවැත්වුවා..
හුවාඩ් තවුෆික් මහතාගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායම නිදහස් හා සාධාරණ මැතිවරණ පිළිබඳ අපේක්ෂාවෙන් නිරීක්ෂණයට එක්වන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුනේ.
මාධ්‍ය සමබරව ක්‍රියාකරනු ඇතැයි තම කණ්ඩායමේ අපේක්ෂාව බව ඔහු ප්‍රකාශ කළා.
බංග්ලාදේශ මැතිවරණ කොමිසමේ නියෝජිතයන් ,මාලදිවයින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙන්ම රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසමේ නියෝජිතයන් ද මාධ්‍ය හමුවට එක්වුණා.