දකුණු චීනයේ ජපන් පාසලක ඉගෙනුම ලැබූ 10 හැවිරිදි සිසුවෙකු පිහි ඇනුමකින් දිනකට පසු මිය ගොස් තිබෙනවා.
ෂෙන්සෙන් ජපන් පාසලේ ඉගෙනුම ලබමින් සිටි මෙම සිසුවා පාසලට පැමිණෙමින් සිටින අතරතුර මෙම පිහි ඇනුම සිදුව ඇති බව සඳහන්.
ෂිං නමින් හැඳින්වෙන 44 හැවිරිදි ප්‍රහාරකයාව එම ස්ථානයේදීම අත් අඩංගුවට ගත් බවයි චීන පොලීසිය පවසන්නේ.
ජපාන විදේශ අමාත්‍ය Yoko Kamikawa මෙම ප්‍රහාරය නින්දිත එකක් ලෙස හඳුන්වා ඇති අතර, ඉතා ඉක්මනින් චීනයෙන් මේ පිළිබඳ පැහැදිළිකිරීමක් ඉල්ලා තිබෙනවා.