පුත්තලම අනුරාධපුර මාර්ගයේ 7කණුව ආසන්නයේ අද උදෑසන 6.20 පමණ සිදුවු බස් රථ අනතුරකින් එක් අයකු මිය ගොස් අයකු තුවාල ලබා තිබෙනවා.
7 කණුවට ආසන්නයේ හෝටලක් අසලදී මෙම අනතුරු සිදුවී ඇති අතර අධික වේගයෙන් පැමිණි බස් රථයක් තේ බීම සඳහා නවතා තිබූ ලුණු පැටවු ලොරි රථයේ වැදී ඇති අතර , එම හෝටලයට තේ බීමට ගොස් නැවත අනුරාධපුර ප්රදේශයට එනම් බස් රථය පැමිණි දිශාවට යාමට සුදානම් ලොරි රථයේද මෙම බස් රථය වැදී ඇති බව පොලීසිය සිදු කල මූලික විමර්ශණ වලදී ආණාවර්ණය වී ඇත්තේ.
වව්නියාවේ සිට කොළඹ බලා ධාවනය වු පුද්ගලික බස් රථයක් බස් රථයේ පා පුර්වේ ගමන් කල පුද්ගලයකු මෙලෙස එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති අතර අයකු බරපත තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කර තිබේ. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 18 කණුව අළුත්ගම ඉහල පුළියන්කුලම පදිංචිව සිටි තිදරු පියෙක්වු එස්.කේ .ආර් ප්රදීප් රත්නසිරි යන අයයි හදුනා ගෙන තිබේ.
බස් රථ හා ලොරි රථ රියදුරන් තිදෙනාම සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසය මගින් අත් අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වනු ලබයි.