ජනාධිපතිවරණය සඳහා සියල්ල සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසද්දි සියලු දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් ද පවසන්නේ තම ප්‍රදේශයන් හි මැතිවරණයට අදාළ සියලු කටයුතු සුදානම් කර ඇති බවයි.
මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි සමස්ත ඡන්දදායකින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑඑක්ලක්ෂ හතලිස්දහස් තුන්සිය පනස්හතරක්.
ඔවුන් දිවයින පුරා මධ්‍යස්ථාන රැසකදී අනිද්දා දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම්ව සිටිනවා.
ඊට අදාළ සියලු කටයුතු සුදානම්කර ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ද පවසනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් කිසිදු බර පතළ මැතිවරණ නීති උල්ලංඝනයක් මෙතෙක් වාර්තා වී නැති බව දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිලධාරී කේ ජී ආර් විමලසූරිය මහතා පවසනවා.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ 13ක ඡන්ද මධ්‍යස්ථාන 890ක් පිහිටුවා ඇති බව මහනුවර තේරීම් භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා පවසනවා.
එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව එකලොස්ලක්ෂ අනුඑක්දහස් තුන්සිය තිස්නවයක්.
ගණන් කිරිමේ මධ්‍යස්ථාන 124ක් එම දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක බවයි තේරීම් භාර නිලධාරිවරයා ප්‍රකාශ කළේ.
දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරී සදහා 15000ක් යොදවා තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව දහඅටලක්ෂ අසූඑක්දහස් එකසිය විසිනවයක්.
දිවයිනේ ඡන්දදායකයන් වැඩිම දිස්ත්‍රික්කය ගම්පහ වීම විශේෂත්වයක්.
ඡන්ද මධ්‍යස්ථාන 1212ක් සහ ගණන් කිරීමේ පරිශ්‍ර 4ක ශාලා 150ක් පිහිටුවා ඇති බවයි දිස්ත්‍රික් ලේකම් නලින්ද ගමගේ මහතා පවසන්නේ.