වව්නියාව ඔිමන්ත ප්රදේශයේදී ඊයේ රාත්රියේ සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලියින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඔිමන්ත පන්ඩ්රිකෙයිදකුලම් ප්රදේශයේ සිට වව්නියාව දෙසට ගමන්කරමින් තිබූ යතුරුපැදියක් ප්රතිවිරුද්ද දෙස සිට පැමිණි පාපැදියක ගැටීමෙන් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් මෙම අනතුර සිදුව ඇති බවටයි මූලික පොලිස් පරික්ෂණවලදී හෙලි වී තිබෙන්නේ.
එහිදී යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයා සහ පාපැදියේ ගමන්ගත් පුද්ගලයා බරපතල තුවාල ලබා සිටියදී ප්රදේශවාසීන් විසින් වව්නියාව මහරෝහලට ඇතුලත් කල අතර එහිදී ඔවුන් දෙදෙනාම වව්නියාව මහරෝහලේදී මිය ගොස් තිබෙනවා.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය වට්ටකච්චි ප්රදේශයේ පදිංචි 46 හැවිරිදි වීරසිංහම් ජනිධරන් සහ ඔිමන්ත ප්රදේශයේ පදිංචි 48 හැවිරිදි ෂන්මුගරාජා යෝගරාසා යන අයයි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර යතුරුපැදියේ අධික වේගය පාලනය කරගැනීමට නොහැකිව අනතුරට හේතුව විය හැකි බවට සැක පල කරන බවටද පරීක්ෂණ සිදු කරන වව්නියාව පොලීසිය වැඩිදුරටත් ප්රකාශ කළා.