එක රටක්, එක ජාතියක් හා එක මැතිවරණයක් සඳහා වන පනතට ඉන්දීය කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා.
හිටපු ජනාධිපති රාම් නාත් කෝවින්ද්ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ පෙළේ කමිටුවක් මෙම පනත් කෙටුම්පත සකස් කර තිබෙනවා.
එරට ලෝක් සභා මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර මෙය සම්මත කර ගැනීමද විශේෂත්වයක්.
ඉන්දියාව පුරා එකවර මැතිවරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලය මෙමගින් ලැබෙනු ඇති.
කෙසේ වෙතත් මෙම පියවර සඳහා එන්ඩීඒ පක්ෂයේ සහාය ලැබී තිබෙනවා.
එහෙත් කොන්ග්රසය ඇතුලු විරුද්ධ පක්ෂවල සහය ඊට ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.
පක්ෂ 15ක් එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.