කොහුවල පොලිස් වසමේ සරණංකර පාර ප්රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
ඊයේ රාත්රීයේදීයි වෙඩි තැබීම සිදු කර තිබෙන්නේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගියා.
43 හැවිරිදි ඔහු නැදිමාල දෙහිවල ප්රදේශයේ පදිංචිකරුවෙක්. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර ඇති බවයි මෙතෙක් කළ විමර්ෂණවලදී හෙළි වුණේ.