ඊයේ රාත්රියේ දී තංගල්ල තලංගම ප්රදේශයේ පොල් ඉඩමක තිබී වෙඩි තබා ඝාතනය කළ තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දේශාන් එරන්ද නමැති 33 හැවිරිදි අවිවාහක ගව හිමියකු බවයි පොලීසිය පවසන්නේ.
ගවයින් බැඳීම සඳහා නිවසින් පිටව ගිය මෙම තරුණයා නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් කලබල වී සොයා බැලීමේදී වෙඩි තබා ඝාතනයට ලක් වූ මෙම තරුණයාගේ සිරුර හමු වී තිබෙනවා.
මළ සිරුර තංගල්ල මූලික රෝහල් රැගෙන විත් ඇති අතර තංගල්ල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.