එක්සත් ජනපදයේ අග්නිදිග කලාපයේ පිහිටි ගිනිකොනදිග උතුරු කැරොලිනා ප්‍රාන්තයට වාර්තාගත වර්ෂාපතනයක් පතිත වී තිබෙනවා.
ඒ හේතුවෙන් ප්‍රාන්තයේ නගර රැසක් ජලයෙන් යට වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
පසුගිය සඳුදා දින උතුරු කැරොලිනාව හරහා නිවර්තන සුළි කුණාටුවක් ගමන් කිරීම හේතුවෙන් මෙලෙස එම ප්‍රාන්තයට ඓතිහාසික වර්ෂාපතනයක් පතිත වී තිබෙනවා.
එරට ජාතික කාලගුණ සේවයට අනුව, පැය 12 ක කාලයක් තුළ එම ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට අඟල් 18ත් 21ත් වර්ෂාවක් පතිත වී ඇති බව සඳහන්.
එය සිදුවන්නේ “සෑම වසර 1,000 කට වරක්” පමණක් බවයි එරට කාලගුණ විද්‍යාඥයින් අනාවරණ කරන්නේ.
හදිසි ගංවතුර සහ තද සුළං හේතුවෙන් උතුරු කැරොලිනාවේ ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය අනතුරු ඇඟවූවේ “කුණාටුවේ බලපෑමෙන් ජීවිතවලට ද තර්ජනයක්” එල්ල විය හැකි බවටයි.
මෙම වර්ෂාපතනය හේතුවෙන් උතුරු කැරොලිනා වෙරළ ආසන්නයේ ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අතර, නිවාස සහ වාහන ද ජලයෙන් යටවී තිබෙනවා.
නගර වැසියන්ගේ දෛනික කටයුතුවලට ද එමඟින් දැඩි බාධා එල්ල වී ඇති බව සඳහන්.