අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ යතුරුපැදි ගාලක තිබූ යතුරු පැදි හිස් වැසුමක් සහ වැසි කබායක් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අද අලුයම සිට දුම්රිය නියාමකවරු වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණා.
මෙම වැඩ වර්ජනය හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය රැසක් ධාවනය නොවූ බවයි වාර්තා වුණේ.
ඒ හේතුවෙන් විදෙස් සංචාරකයන්, විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු මගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටියා.
කෙසේ වෙතත් දුම්රිය නියාමකවරුන්ගේ සංගමය සමඟ පස්වරුවේ පැවති සාකච්ජාවකින් අනතුරුව වර්ජනය අවසන් වී තිබෙනවා.