ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ධීවරයෙකු විදෙස් නෞකාවක් මගින් බේරාගැනීමෙන් අනතුරුව අද (18) කොළඹ වරායට රැගෙන විත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව නාවික හමුදාව පවසනවා.
මෙසේ රෝහල් ගත කෙරුණේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි ධීවරයකු බවයි නාවික හමුදාව පවසන්නේ.
ධීවරයින් හත් දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් ඊයේ (17) වෙනනප්පුව ධීවර වරායෙන් ධීවර කටයුතු සදහා ගැඹුරු මුහුදට යාත්‍රා කර තිබුණා.