දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ රාජකාරී සහ බලතල ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන, මහාචාර්ය අගළකඩ සිරිසුමන සහ කොටපිටියේ රාහුල යන ස්වාමින්වහන්සේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
එය කැදවු අවස්ථාවේ අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන සාමාජික විනිසුරුවරුන් වෙනත් නඩුවකට සහභාගි වීමට නියමිත බව ප්‍රකාශ කෙරුණා.
ඒ හේතුවෙන් අදාළ අතර මැදි පෙත්සමේ සඳහන් කරුණු පමණක් සැලකිල්ලට ගෙන නියෝගයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් තිබේදැයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පාර්ශවකරුවන්ගෙන් විමසා සිටියා.
පාර්ශ්වකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඊට විරුද්ධත්වයක් නොමැති බව ප්‍රකාශ කළා.
ඒ අනුව මෙම අතරමැදි පෙත්සමේ අන්තර්ගත කරුණුවලින් බැලූ බැල්මටම නඩුකරයක් අනාවරණය නොවන හෙයින් එය නිෂ්ප්‍රභ කරන බවයි සභාපති විනිසුරුවරයා පැවසුවේ.