රජයේ භෞත චිකිත්සක නිලධාරීන්ගේ සංගමයේ 63 වන වාර්ෂික මහා සභා රැස්වීම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වුණා.
මස්පිඩු පෙරලීමට ආයුර්වේදීය විශේෂඥයා වන ලින්ක් නැචුරල් ක්‍රෑම්ප්ගාඩ් ප්ලස් පූර්ණ අනුග්‍රහයෙන් පැවති මෙම මහා සභා රැස්වීමට දිවයින පුරා විසිරී සිටින භෞත චිකිත්සක නිලධාරීන් 250කට අධික පිරිසක් එක්ව සිටියා.
නව නිලධාරී මඩුල්ලක් පත්කර ගැනීම ද මෙහිදි සිදුවුණා.
සෞඛ්‍ය අංශ තුළ සුවිශේෂි මෙහෙවරක් ඉටුකරන වෘත්තිකයින් කණ්ඩායමක් වන භෞත චිකිත්සකවරුන්ගේ මෙම රැස්වීමට ලින්ක් නැචුරල් ක්‍රෑම්ප්ගාඩ් ප්ලස් පූර්ණ අනුග්‍රහය ලබාදීම සිදු කළේ සිය වගකීම ඉටු කිරිමේ පියවරක් ලෙසයි.