ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත්ට එරෙහි නඩුවක් ඔක්තෝබර් 30 වනදා යළි කැදවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
2021 වසරේ සතොස ලබාදුන් රුපියල් දහසේ සහන බඩු මල්ල සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකින් සතොසට හා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට පාඩු සිදුවු බවට චෝදනා කරමිනුයි මෙම නඩුව පවරා ඇත්තේ.
මාධ්‍ය හමුවක් පවත්වමින් අසේල සම්පත් යන අය අදාළ ප්‍රකාශය කර ඇති බවයි සදහන් වුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති අසේල සම්පත් යන අය අධිකරණය හමුවේ අද පෙනී සිටියා. ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති බවත් සතොස ආයතනයෙන් ද වාර්තා කැදවා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
වැඩිදුර විමර්ෂණය කර කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය එම දෙපාර්තමේන්තුවට නියෝග කළා.