දුර්ලභ ගනයේ සුපිරි සඳක් හා අර්ධ සූර්යග්‍රහණයක් අද දිනයේ ලොව පුරා බොහෝ දෙනෙකුට දැකගත හැකි බව තාරකා විද්‍යාඥයන් පවසනවා.
සුපිරි සඳක් දැකගත හැකිවන්නේ චන්ද්‍රයා තම කක්ෂයේ පෘථිවියට ආසන්නතම ස්ථානයේ පිහිටන විටයි.
රාත්‍රී අහසේ එය විශාල හා දීප්තිමත් ලෙස දිස්වීම සුපිරි සඳක් ලෙස සලකනවා.
මේ වසරේ එවැනි අවස්ථා හතරක් ඇති වන අතර මෙය එහි දෙවැන්නයි.
එමෙන්ම පූර්ණ චන්ද්‍රයාගේ අර්ධ සූර්යග්‍රහණයක් ද දුර්ලභ වන අතර එයද අද රාත්‍රියේ දිස් වනවා.
මෙම සූර්යග්‍රහණය ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ලතින් ඇමරිකාව, යුරෝපය හා අප්‍රිකාවේ සමහර රටවලට දැකගත හැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.