ඉදිරි වසර 10 තුළ සෑම දරුවෙකුටම ඉංග්‍රීසි භාෂාවේ ප්රවීනත්වයක් ලබා ගැනීමට අවශ්‍ය ප්‍රවේශය සකස් කරන බවත් ඒ වෙනුවෙන් ” English for all” වැඩසටහන ක්‍රියාවට නංවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.
මෙම යෝජනාව තමා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස එදාද අධ්‍යාපන ධවල පත්‍රිකාව මගින් ගෙන ආ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධව පාරට බැස්ස බව සිහිපත් කළ ජනාධිපතිවරයා එදා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට හැකි වුවා නම් අද ඉංග්‍රිසි භාෂාව පිළිබඳ ගැටළුවක් රට තුළ නිර්මාණය නොවන බවද පෙන්වා දුන්නා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (17) මල්වාන ජනතාව සමඟ පැවති හමුවෙන් අනතුරුව ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුමක් නොතිබීම හේතුවෙන් තරුණ තරුණියන් මුහුණ දෙන ගැටළුවලට රජයේ විසදුම කුමක්ද කියා තරුණයෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින්.
Gen Z පරපුරට හොඳ අනාගතයක් නිර්මාණය කර දීම තම අරමුණ බව පැවසු ජනාධිපතිවරයා සැලසුම් නොමැති බොරු පොරොන්දුවලට සීමා වූ සජිත්ගේ සහ අනුරගේ දේශපාලන අවශ්‍යතාවල බිල්ලක් නොවන ලෙසද තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටියා.