ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන නගරයක් බවට ගාල්ල නගරය පත් කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
පොහොසත් මිනිසුන් පිරිසක් ගොඩනගන ආර්ථික ප්රතිපත්තිය ඇත්තේ ද තමා සතුව බවයි ඒ මහතා කියා සිටින්නේ.
ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත් වෙන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් ගාල්ලේදී පැවැත්වුණා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින් පිරික් ඊට එක්ව සිටියා.