දිවයිනේ සියලු ප්‍රදේශවලින් වැඩම කළ මහානායක ස්වාමීන්වහන්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද පළ කළා.
ජනාධිපති නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද පළ කරමින් සෙත් පිරිත් සජ්ඣායනාවක් පැවැත්වුණා.
එහිදී මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හා ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ අනුශාසනා පැවැත්වුවා.
මහානායක ස්වාමීන්වහනසේ ප්රමුඛ මහාසංඝරත්නය මෙම අවස්ථාවට වැඩමකර සිටියා.