රඹුක්කන පොලිස් වසමේ තිස්මල්පොල යටගම මාර්ගයේ ලොරි රථයක් හා යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.
තිස්මල්පොල දෙස සිට යටගම දෙසට ධාවනය වූ ලොරි රථය ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදු ඇති බවයි පොලීසිය පවසන්නේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 67 ත් හැවිරිදි රඹුක්කන ප්රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බනධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව රඹුක්කන පොලීසිය සඳහන් කළා.
මෘත ශරීරය රඹුක්කන රෝහලේ තැන්පත් කර ඇති අතර මේ සම්බනධයෙන් වැඩිදුර විමර්ශන රඹුක්කන පොලීසිය විසින් සිදු කරනු ලබනවා.