වී ඇතුළු සියළු වගාවන් මෙරට සිදුකිරීමට ගොවි ජනතාව සූදානම් නම් පිටරටින් ගෙන්වීම නතර කළ හැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
විදුලිබල නිෂ්පාදනය සම්බන්ධයෙන් විශේෂ ව්‍යාපෘති ජාතික ජන බලවේගය සතු බවයි ඒ මහතා අවධාරණය කළේ.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ රුවන්වැල්ලේ පැවති ජන රැළියකට එක්වෙමින්.
රට අනුරට යන තේමාවෙන් එය සංවිධාන කර තිබුණා. ජාතික ජන බලවේගයේ තවත් නියෝජිතයින් මෙහිදී අදහස් දක්වා තිබෙනවා .