හම්බන්තොට සිට මහියංගනය දක්වා මාළු ප්රවාහනය කරන කුඩා ලොරි රථයක් අද(17) දින අළුයම කතරගම සෙල්ලකතරගම ප්රධාන මාර්ගයේ මයිලගම ප්රදේශයේ දී අනතුරට පත්ව ඇති බව පොලිසිය පවසනවා .
අනතුරට හේතුව රියදුරාට නින්ද යෑම බවයි පොලිසිය ප්රකාශ කරන්නේ .
අනතුරින් රියදුරු සහ ලොරි රථයේ සහායක තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා හම්බන්තොට මූලික රෝහලට යොමු කර තිබෙනවා .