ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්රයේ රැකියා සඳහා ශ්‍රමිකයින් බදවා ගැනීම සඳහා වන ගිවිසුම් අත්සන් කර ඇති බවත්, ඒ අනුව හෝටල් ක්ෂේත්රයේ රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලැබුණ බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා .
ඒ අනුව කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්රයේ රැකියා විවෘත වන බවත්, ඒ සඳහා NVQ 3 මට්ටමේ සහතිකයක් අවශ්‍ය බවයි ඔහු සඳහන් කළේ
මෙම රැකියා සඳහා බදවා ගැනීම් පිළිබද වැඩිදුර තොරතුරු ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කරන බවද ඔහු ප්‍රකාශ කර සිටියා .
මේ අතර ඊශ්‍රායලයේ කර්මාන්ත අංශයේ රැකියා සඳහා ශ්‍රමිකයින් බදවා ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී කර්මාන්ත අංශයේ රැකියා සඳහා ශ්‍රමිකයින් බදවා ගැනීම සඳහා වන ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවත් ඔහු සදහන් කළා .
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා ශ්‍රමිකයින් බදවා ගැනීම යළි ආරම්භවී ඇති බවත් පසුගිය සතියේදී ි කණ්ඩායම් දෙකක් ඊශ්‍රායලය බලා පිටත් කර යැවූ බවයි ඔහු සඳහන් කළේය.
මේ වන විට කෘෂි අංශයේ රැකියා සඳහා ශ්‍රමිකයින් දෙදහසක් පිටත් කර යැවීමට කටයතු කර ඇති බවත් ඔහු පැවසුවා .
මෙම රැකියා අවස්ථා හිමිවන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජයක් යටතේ පමණක් බවයි ඔහු ප්‍රකාශ කරන්නේ .
ඊශ්‍රායලයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා කිසිදු අතරමැදියෙක්ට මුදල් ගෙවීමට අවශ්‍ය නැති බවත්, එසේ මුදල් එක්රැස් කරන ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් මනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා .