මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයන්ට (18) සිට මැතිවරණ දිනය තෙක් තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ඒවා ලබාගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා.
එමෙන්ම ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 97ක් පමණ මේ වනවිට බෙදා අවසන් කර ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ.
පසුගිය 3 වන දින ආරම්භ කළ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පසුගිය 14 වනදායින් අවසන් වූ බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළා.