සජිත් ප්‍රේමදාස මහතා මේ මස (21) දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා මේ රටේ නව වන විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරීපත් වන බවත්, ඉන් අනතුරුව වතුකරයේ ජනතාවට සුභ කාලයක් උදාවන බවත් දමිළ ප්රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑළිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පවසනවා .
පලනි දිගම්බරම් මහතා ඒ බව ප්‍රකාශ කර සිටින්නේ අද (17) දින සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා වටවල ටෙම්පල්ස්ටෝ වතුයායේ පැවති මැතිවරණ ප්රචාරක රැස්විමකදීයි .
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පලනි දිගම්බරම් මහතා ප්‍රකාශ කර සිටියේ යහපාලන රජයේදී තමන් වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලීමට
සංවර්ධන කටයුතු රැසක් සිදු කළ බවයි.
වතුකරයේ ජනතාවගේ දුක දන්න තමන් සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වීමෙන් පසු වතු කම්කරුවන්ගේ ඉතිරි සංවර්ධන කටයුතු යළි ආරම්භ කරන බවයි පලනි දිගම්බරම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ .