ශ්රී ලංකා නාවික හමුදාව යාපනය, චුන්ඩිකුලම් මුහුදු ප්රදේශයේදී විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ අනුව සැකකරුවන් සමඟ ඩිංගි යාත්රා දෙකක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.
සැකකරුවන් 40,41 හැවිරිදි කොන්නාන්තිව් සහ මුල්ලියාන් යන ප්රදේශයන්වල පදිංචිකරුවන්.
එම සැකකරුවන්, ඩිංගි යාත්රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න සමඟ ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කර තිබුණා.