මාතලේ පොලිස් වසමේ බලකොටුව ප්රදේශයේදී ගජමුතු සහ මුතුඇට විකිණීමට තැත් කළ පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සන්තකයේ තිබූ ගජමුතු සහ මුතුඇට 171ක් රුපියල් ලක්ෂ 60 කට අධික මුදලට විකිණීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
ඔවුන් 30,38,39,43 හැවිරිදි ගුන්නෑපාන, යාල්වෙල, කොත්මලේ හා රිකිල්ලගස්කඩ ප්රදේශවල පදිංචිකරුවන්.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාතලේ පොලීසිය විසින් සිදු කරනු ලබනවා.