ව්යාපාරික සුරේන්ද්ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට අදාළ තවත් සැකකරුවෙක් බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අලුත්ගම, දර්ගා නගරයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයෙක්.
වෙඩි තැබීම සඳහා යොදාගත් උණ්ඩවල KPI ලෙස සටහන් කිරීම මෙම සැකකරු විසින් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
වෙළඳසැලක අත්උදව්කරුවෙකු ලෙස කටයුතු කරන මෙම සැකකරු කඩුවෙල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදරිපත් කිරීමට නියමිතයි.