ගිණිකොනදිග ආසියාවට බලපා ඇති යාගි සුළි කුණාටුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සමස්ත පුද්ගලයින් සංඛාව 500ට ආසන්න බව බීබීසී පුවත් සේවය පවසනවා.
පසුගිය සතියේ දී යාගි සුළි කුණාටුව වියට්නාමය, ලාඕසය , තායිලන්තය හා මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ පමණක් ජීවිතක්ෂයට පත්වූ සංඛාව 300ක් පමණවන අතර සුළි කුණාටුවත් සමඟ ගිණිකොනදිග ආසියාවේ රටවල් රැසකින් ගංවතුර හා නායයාම් පිළිබඳ වාර්තා වුණා.
වියට්නාමයෙන් අනතුරුව වැඩිම බලපෑමක් එල්ලවූ රට ලෙස මියන්මාරය හැඳින්විය හැකියි.
සුළි කුණාටුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 236ක් පමණවන අතර එරට ගම්මානයක් නායයාමෙන් එම ගම්මානයේ පුද්ගලයින් 226 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි අල් ජසීරා පුවත් සේවය සඳහන් කරන්නේ.
තවත් පුද්ගලයින් 80 දෙනෙකු අතුරුදන් බවද සඳහන්.
අයහපත් කාලගුණයෙන්මධ්යම යුරෝපයට ද දැඩි බලපෑම් එල්ලවී තිබෙන අතර අධික වර්ෂාවත් සමඟ හටගත් ගංවතුර හේතුවෙන් රුමේනියාවේ පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඕස්ට්‍රේලියාවේ චෙක් රාජ්‍ය හා පෝලන්තයෙන් ද මරණ වාර්තා වනවා.
එමෙන්ම පෝලන්තයේ 44,000ට පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසයි රජය නිවේදනය කර ඇත්තේ.
හංගේරියාව හා ස්ලෝවැකියාව යන රටවලට ද ගංවතුරෙන් බලපෑම් එල්ලවිය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවනවා.