කොළඹ නගරයේ ගංවතුර ගැටලුවට තිරසර විසඳුමක් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන නගරය බවට පත් කිරීම තම අරමුණ බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.
ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් ඔබේසේකරපුර දී පැවැත්වුණා.
මේ අතර සාධාරණ සරළ බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ව්‍යාපාරිකයින් ආරක්ෂා කරන බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ කොටිකාවත්තේ පැවති ජන හමුවකට එක්වෙමින්.