ජනාධිපතිවරණයට අදාළව යොදා ගැනෙන ඡන්ද පෙට්ටි දිවයිනේ සියලු තේරීම්භාර නිලධාරීන් වෙත නිකුත් කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එමෙන්ම ලබන 20 වනදා එම ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන සඳහා නිකුත් කරන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
තවද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයන් සිටීනම් හෙට සිට ජනාධිපතිවරණය පැවැත්වෙන ලබන 21 වනදා තෙක් තමන්ට අයත් ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළා.