ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලොකුම ඕනකම තිබුයේ මේ වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුපරුපියල් 1700 කිරරීමයි එම නිසායි එය ගැසට් කළේ එත් එයට වතු හාම්පුතුන් දැඩි විරෝධයක් දැක්වූ බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් හැටන් නගර ශාලාවේදී පැවති රැස්වීමක් අමතමින්.
මෙහිදී අදහස් දැක්වූ එස්. බී. දිසානායක මහතා,
වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරගැසට් පත්‍රයක් නිකුත් කළ විට වතු හාම්පුතුන් එයට දැඩි විරෝධයක් පළකරද්දී එය කරන්න බැරිනම් වතු ටික භාරදීලායන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා එම වතු සමාගම්වලට පැවසුවා.
පසුව කෙසේ හෝ එම දෛනික වැටුප රුපියල් 1350ක් ලෙස වැඩි වුණා ඒත් රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති ලෙස පත්වූ පසුව අනිවාර්යෙන් රුපියල් 1700 දෛනික වැටුප ඔබට ලබා දීමට පියවර ගන්නවා.
රනිල් වික්‍රමසිංහ මහතාගේ තවත් සංකල්පයක් තමයි මේ වතු කම්කරුවන්ට ඉන්න හොඳ ගෙයක් හදා දීම එයත් ඉදිරියේදී ඔහු කරනවා අද සජිත් පොරෝන්දු රාශියක් දෙමින් රට වටේ යනවා එත් ඔහු ලබා දෙන එම පොරෝන්දු ඉටුකිරීමට රුපියල් කෝටී හතලිස් දාහාක් අවශ්‍ය වෙනවා.
සජිත් නිවාස ඇමති වෙලා හිටියා ඒ කාලයේ මේ වතුකරයේ එක ගෙයක් ඔහු හදලා තියෙනවාද ඔබලා දන්නවා මේ රටවැටි තිබූ තත්ත්වය ගෑස් නැතිව ඉන්ධන නැතිව කිරි පිටිනැතිව මේවා ගෙන්න සල්ලි නැතිව ඉන්න විටයි මිනිස්සු පාරට බැහැලා අරගල කළේ එය ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි කළේ එත් ජනතා විමුක්ති පෙරමුණ එය ඇතුළට රිංග ගත්තා.
ජනතා විමුක්ති පෙරමුණ එදා සිටම ඉන්දීය විරෝධයක් දක්වපු පිරිසක් අද මේ අය උතුරට වතුකරයට ඇවිත් ඡන්දය ඉල්ලනවා, එත් බලන්න මේ අය අතර දෙමළ කෙනෙක් ඉන්නවද කියලා එත් රනිල් කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් හැම දෙනාටම ආදරය කරන කෙනෙක් නිසායි ඔහු නැවත ජනාධිපති ලෙස පත්කළ යුත්තේ එම නිසා ගෑස්සිලින්ඩරයට ඡන්දය ලබා දීලා රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති ලෙස පත් කිරීමට පියවර ගන්න.