අනගාරික ධර්මපාලතුමන්ගේ 160 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.
දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස ඉපිද ධර්මපාල නමින් අනගාරික දිවියක් ගත කළ ධර්මපාලතුමා සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි දිවියට එළඹුණා.
බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙකු හා නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස එතුමා ඉටු කළ මෙහෙය ඉමහත්.
ආසියා, උතුරු ඇමෙරිකා හා යුරෝපා මහද්වීපවල බුදු දහම දේශනා කිරීමට මුල් වූ පළමු බෞද්ධයා ද ඔහුයි.
මෙරට බෞද්ධ අධ්‍යාපනය , බෞද්ධ පාසල් හා දහම් පාසල් ආරම්භ කිරීමේ පුරෝගාමියෙකු වූයේ ද ධර්මපාලතුමායි.
1864 සැප්තැම්බර් මස 17 දින ශ්‍රී ලංකාවේ උපත ලද මෙතුමා 1886 ලංකාවේ රාජ්‍ය පරිපාලන විභාගයෙන් සමත් වූ අතර, රාජ්‍ය පරිපාලන ක්ෂේත්රයේ කෙටි කලක් ගත කොට 1986 වර්ෂයේ (වයස අවුරුදු 22දී) පරමවිඥානාර්ථ සමාගමේ සාමාන්‍යාධිකාරි ලෙස පත් වුණා.
එහි කටයුතු කරන අතර ලොවපුරා බෞද්ධයින් ඒකරාශි කොට ආර්ථික වශයෙන් බෞද්ධයන් දියුණු කළ යුතුය යන අදහස ක්‍රියාත්මක කිරීමට එතුමා ලොව පුරා සැරිසරා කටයුතු කර තිබෙනවා.
මෙහි ඉතා වැදගත් කරුණක් වන්නේ 1891 මැයි මස 31 දින මහාබෝධි සංගමය ඉන්දියාවේ ආරම්භ කරන විට එහි ප්‍රධාන පරමාර්ථ අතර “විද්‍යාත්මක හා කාර්මික ඥානය අඩු දසලක්ෂ ගණනක් ඉන්දීය ජාතිකයන්ට කාර්මික දැනුම ලබා දිය යුතු යැයි” සඳහන් කර තිබෙනවා.
ඉන්දිය ජාතිකයන්ගේ ආර්ථිකය ගැන හා කාර්මික දැනුම ලබා දීම පිළිබඳ ඉන්දිය රජයේ අවධානය යොමු කළ අතර ඒ සඳහා ඉන්දියාවේ බුද්ධගයාව හා බුද්ධාගම බේරා ගැනීම සඳහා ඉන්දියා රජයට බලපෑම් කිරීමට එතුමාට හැකි වුණා.
සමස්ත ජාතියේම උපහාර ලැබිය යුතු උත්තමයකු වන දම්පල් තුමන්ට එදා ඉන්දියාවේ බුද්ධගයාව රැකගැනීමට සටන් කරමින් සිරබත් කෑමට පවා සිදුවුණා.
සිංහල බෞද්ධයන් වෙනුවෙන් ජාත්‍යන්තරය තුළ ද හඬ නැගූ ධර්මපාලතුමා 1933 අප්‍රේල් 29 දින සිය ජීවිතයෙන් සමුගත්තේය.