උතුරට පොලිස් බලතල ලබා නොදෙන බව පවසන එකම නායකයා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා බව
පාර්ලිමේන්තු මන්ත්රි ඩී වීරසිංහ මහතා පවසනවා.
අනාගතය භාරගන්නට හැකි එකම තරුණ නායකයා ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් බිහිකරන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්රකාශකර සිටියේ .
ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රි නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන රැළි මාලාවේ තවත් රැළියක් අද මිනුවන්ගොඩදී පැවැත්වුණා.