රට ඉදිරියට ගෙනයාමේ ගමනට සියළු මිත්රශීලී රටවල සහාය හිමිව ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙම අදහස් පළකළේ කන්තලේ දුම්රියපොළ ඉදිරිපිට පැවති ජන රැළියට සහභාගී වෙමින්.
ජනාධිපතිවරයාගේ ජයග්රහණය වෙනුවෙන් රනිල්ට පුළුවන් තේමාව යටතේ මෙම ජන රැළිය සංවිධාන කර තිබුණා.
මැතිඇමතිවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු ජන රැළිය ඇමතුවා.