කළුතර උතුර ගාලුපාරේ ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර අළුත්වැඩියා කරන මධ්‍යස්ථානයක ගින්න හටගෙන තිබෙනවා .
කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරීන් විසින් ගින්න පාලනය කිරීමටයි කටයුතු කර ඇත්තේ .
ගින්නෙන් එහි දේපළවලට හානි සිදුව ඇති අතර, ගොඩනැගිල්ල මුළුමනින්ම විනාශ වෙමින් පවතින බව අප වාර්තාකරු සඳහන්කර සිටියා .
ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති අතර, විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බවටයි පොලිසිය සැක පල කරන්නේ .