අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුව ආසන්නයේ භූගත විදුලි රැහැන් කපමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .
සැකකරු 31 ක් හැවිරිදි පුද්ගලයෙක්
ඊයේ (15) දින අළුයම කොළඹ, කටුනායක අධිවේගී මාර්ගයේ රාත්රී ජංගම සංචාරයේ යෙදී සිටි අධිවේගී මාර්ගයේ සංචාරක කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනුයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ .
සැකකරු සතුව තිබී අඩි 14ක් දිග තඹ කේබල් 2ක් සහ කේබල් කැපීමට යොදාගන්නා ආයුධ හමු වූ බව පොලීසිය පවසනවා .