බදුල්ල දිස්ත්‍රක්කයේ මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමඟ දියඇලිවල ජල මට්ටම අඩුවී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.
දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇදබැඳගත් සංචාරක ගමනාන්තයක් ලෙස රවණා ඇල්ලට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයක්.
බණ්ඩාරවෙල / පූනාගල කඳුවැටියෙන් ආරම්භවන කිරිදිඔය උස්ගල්තලාවකින් පහළට කඩා වැටෙන රවණා ඇල්ල අතිශයින්ම සුන්දර දර්ශනයක්.
එහෙත් මේ වන විට පවත්නා වියළි කාලගුණය හමුවේ දිය ඇල්ලේ ජලය විශාල ලෙස අඩුවී තිබෙනවා.
ඒ හේතුවෙන් රවණා ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාවද අඩුවී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
සංචාරකයන්ගෙන් ආහාරපාන ලැබූ වන සතුන් ද මේ නිසා පීඩාවට පත්ව සිටින අයුරු දැකගත හැකියි.