අනුරාධපුර විජයපුර ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක් නුවර වැවේ දිය නෑමට ගොස් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ඉමදුව පාර අහංගම ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක්.
ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයා තවත් පුද්ගලයන් හතර දෙනකු සමඟ, ස්නානය සඳහා නුවර වැවට බැස ඇති අතර එම අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදු කරනු ලබනවා.