පාකිස්ථානයේ කරච්චි හි ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ බලධාරීන් විසින් ඉකුත් සෙනසුරාදා සිදුකළ පරීක්ෂණයකින් තවත් mpox ආසාදිත බවට සැක කෙරෙන රෝගියෙකු හඳුනාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
එම පුද්ගලයා සංචාරකයකු වන අතර ඔහු තුළ mpox රෝගයට සමාන රෝග ලක්ෂණ පවතින බවටයි සෞඛ්‍ය අංශ අනාවරණ කර ඇත්තේ.
මේ වන විට එම පුද්ගලයාට ප්‍රතිකාර ගැනීමට තනිවම හුදකලා වාට්ටුවක නවතා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ