දැනට පවතින යාගි සුළි කුණාටුව හේතුවෙන් මියන්මාරයේ 113 න් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
එමෙන්ම යාගි සුළි කුණාටුව සමඟ ඇතිවූ ගංවතුර සහ නායයෑම් සමඟ මියන්මාරයේ තුන්ලක්ෂ විසිදහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට එරට බලධාරීන් කටයුතු කළ බවයි සඳහන් වන්නේ .
මේ වන විට යාගි සුළි කුණාටුව වියට්නාමය, ලාඕසය, චීනය සහ පිලිපීනයටද කඩා වැදී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ .