මෙරට 60වන රාජ්‍ය ඔසුසල නුවරඑළියේදී විවෘත කර තිබෙනවා.
ගුණාත්මක ඖෂධ දැරිය හැකි මිලකට ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිකර ගනිමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නුවරඑළිය ඔසුසල විවෘත කිරීම සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.
රාජ්‍ය ඔසුසල මඟින් ජ්‍යේෂ්ඨ පුරවැසියන් ගර්භනී මව්වරුන් සහ වයස අවුරුදු 05අඩු දරුවන් සඳහා සියයට පහක වට්ටමක් සහිතව ඖෂධ ලබාදීමටයි කටයුතු යොදා ඇත්තේ.
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.