චීනයේ ෂැංහයි නුවරට වසර 75කට පසු දරුණුතම සුළි කුණාටුවක බලපෑම් එල්ල වී තිබෙනවා.
චීනයේ මූල්‍ය කේන්ද්‍රස්ථානය වන ෂැංහයි නුවරට මෙලෙස බලපා ඇත්තේ බෙබින්කා සුළි කුණාටුවයි.
එරට වේලාවෙන් උදෑසන 7:30 ට ෂැංහයි හි නැගෙනහිර ලින්ගං වෙරළබඩ ප්‍රදේශයෙන් එය ඇතුළු වී ඇති බවටි එරට මාධ්‍ය පවසන්නේ.
මේ වන විට ෂැංහයි හි පදිංචිකරුවන් ලක්ෂ 4කට වැඩි පිරිසක් ආරක්ෂි්ත ස්ථාන වෙත ඉවත් කර ඇති අතර නගරයේ ප්‍රධාන ගුවන් තොටුපල දෙකේ සියලුම ගුවන් ගමන් ද නවතා තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ
පැයට කිලෝමීටර 151 දක්වා සුළගේ වේගය ඉහළ ගොස් ඇති අතර රතු අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
ෂැංහයි හි දුම්රිය සේවා ද අවලංගු කර ඇති අතර අධිවේගී මාර්ග වසා දමා තිබෙන අතර මිලියන 25 ක පදිංචිකරුවන්ට කුණාටුව පැමිණීමට පෙර නිවසේ රැඳී සිටින ලෙසයි උපදෙස් දී තිබෙන්නේ.