නව ආර්ථිකයක් මෙන්ම නව දේශපාලන ක්රමවේදයක් ඇති කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
පුළුවන් ශ්රී ලංකා තේමාවෙන් දෙහිවලදී පැවැත්වුණු ජන හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළා.
දෙහිවල එක්සත් ජාතික පක්ෂ ප්රධාන සංවිධායක හා හිටපු නගරාධිපතිනී සුනේත්රා රණසිංහ දෙහිවල ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රධාන සංවිධායක හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග, රත්මලාන එක්සත් ජාතික පක්ෂ ප්රධාන සංවිධායක රුවන් ලියනගුණවර්ධන යන මහත්ම මහත්මීන් එක්ව මෙය සංවිධාන කර තිබුණා.
මහාචාර්ය මෛත්රී වික්රමසිංහ, අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන යන මහත්ම මහත්මීන් සහ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.