ඇතැම් දේශපාලන පක්ෂ ජනතාව නොමග යවමින් ජාතික ජන බලවේගයට එරෙහි අසත්‍ය ප්‍රකාශ සිදුකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.
ජාතික ජනබලවේගය සංවිධාන කළ රන්න ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා. එම බලවේගයේ තවත් නියෝජිතයන් මෙහිදී අදහස් දැක්වුවා.
මේ අතර ජාතික ජනබලවේගයේ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා.
තම සංවිධානයට ද ඇතැම් කණ්ඩායම් අසත්‍ය බරපතල චෝදනා සිදුකරන බවයි එහි නියෝජිතයින් මෙහිදී පෙන්වා දුන්නේ.