බලපත්රයක් නොමැතිව වැලි ප්රවාහනය කරන ලද ටිපර් රථයක් (16) දින පොලිස් භාරයට ගෙන තිබෙනවා.
බලංගොඩ සිට බගවන්තලාව දක්වා වැලි කියුබ් තුනක් ප්රවාහනය කරමින් තිබූ ටිපර් රථය බගවන්තලාව පොලිස් ස්ථානය අසලදී නතර කර පරීක්ෂා කිරීමේදී එම ටිපර් රථයේ වැලි ප්රවාහනය කිරීම සඳහා බලපත්රයක් නොතිබුණු නිසා ටිපර් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් ටිපර් රථ රියදුරාට එරෙහිව හැටන් මහෙස්ත්රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි බගවන්තලාව පොලිසියේ නිලධාරීන් සඳහන් කළේ.