රටේ සෑම බිම් අගලකම වගාකර ස්වයංපෝෂිත රටක් බිහි කිරීමේ වගකීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ උරදෙන බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රි නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ තුළින් ජනතාව බලාපොරොත්තුවන සංවර්ධනයේ මාවත උදාකරන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්රහණය වෙනුවෙන් සංවිධාන කෙරෙන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් දඹුල්ල බස්නැවතුම්පොළේදී පැවැත්වුණා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද රැලියට සහභාගීවී සිටියා.