යුද්ධයේ බලපෑමට ලක්වූ උතුරු නැගෙනහිර ප්‍රදේශ දැවැන්ත සංවර්ධනයකට රැගෙන යන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඊට සමගාමීව සමස්ත දිවයිනම, සංවර්ධනයකට යොමු කරන බවයි ඒ මහතා අවධාරණය කළේ.
සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කළ තවත් ජන රැළියක් කිලිනොච්චිය ප්‍රදේශයේ දී පැවැත්වුණා.
මේ අතර සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වූ තවත් රැළියක් මනිපායි හිදී පැවැත්වුණා. තමා සමග සිටින කණ්ඩායම ඉතාමත් පිරිසිදු පිරිසක් බවයි ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේ.